E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3111/ 2024 - ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3111/2023

      ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)    (i)       යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති වේලනයිතුරෙයි සිට පුංගුඩුතිව්, මඩත්තුවෙළි දක්වා වන පාලම ශ්‍රී ලංකාවේ දිගම පාලම්වලින් එකක් බවත්;

      (ii) එම පාලම මතින් ගමන් කිරීම මේ වනවිට දැඩි අවදානම් සහගත බවත්;‍

      (iii) පාලම මතදී බොහෝ අනතුරු සිදුවන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත පාලමේ දිග කොපමණද;

      (ii) පාලම මත අනතුරු සිදු වීම සඳහා බලපාන හේතු කවරේද;

      (iii) එම පාලම අවසන් වරට ප්‍රතිසංස්කරණය කරන ලද වර්ෂය කවරේද;

      (iv) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කරන ලද මුදල කොපමණද;‍

      (v) ඒ සඳහා අරමුදල් සපයා ගන්නා ලද ප්‍රභවය කවරේද;

      (vi) එම පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වේලනයිතුරෙයි සිට පුංගුඩුතිව්, මඩත්තුවෙළි දක්වා වන පාලම: ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks