E   |     |  

 දිනය: 2023-10-05   පිළිතුර ලබා දී ඇත 

3233/ 2023 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3233/2023

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)         ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීනය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේද;

                   (ii)       ඒ අනුව, එම රිළවුන් චීනයට යැවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iii) රිළවුන් චීනයට ලබා දීමෙන් උපයා ගත හැකි ආදායම කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) රිළවුන් විසින් කරනු ලබන වගා හානි අවම කර ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (ii) ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-05

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks