බලන්න

E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3236/ 2024 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3236/2023

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       බදුල්ල, ධර්මදූත විද්‍යාලයේ පැවති රථ පෙළපාළියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් මෑතකදී සිදු වූ අනතුර හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඉහත අනතුර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විමර්ශනයක් සිදු කර තිබේද;

      (iii) එසේ නම්, එම විමර්ශනයේ නිගමන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       

       

      (ආ) (i) පාසල් මඟින් රථ පෙළපාළි පැවැත්වීමේදී, පිළිපැදිය යුතු නිර්ණායක ලබා දී තිබේද;

      (ii) එසේ නම්, එම නිර්ණායක කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බදුල්ල, ධර්මදූත විද්‍යාලයේ පැවති වාහන පෙළපාළියකදී සිදු වූ අනතුර: විමර්ශනය

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks