E   |     |  

 දිනය: 2024-01-10   පිළිතුර ලබා දී ඇත 

3239/ 2024 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3239/2023

      ගරු කුමාරසිරි රත්නායක මහතා,—  සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

                   (ii)       ඒ අතරින් මහජනතාව වෙත බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව අක්කරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමට පියවර ගෙන තිබේද;

      (iv) එසේ නම්, වර්ෂ 2021 සිට මේ දක්වා  පදිංචිකරුවන් සහ වගාකරුවන් වෙත ඔප්පු ලබා දී ඇති ඉඩම් අක්කර ප්‍රමාණය හා ඔප්පු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) මේ වනවිට ඔප්පු ලබා දී නොමැති ඉඩම් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-01-10

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පදිංචිකරුවන්ට සහ වගාකරුවන්ට ඔප්පු ලබා දීම : මොනරාගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2024-01-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks