පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3357/2023
ගරු ජයන්ත සමරවීර මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ආයෝජන ව්‍යාපෘතිවලට ලබා දී ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් ප්‍රමාණය එක් එක් මහවැලි කලාපය, දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් හෙක්ටයාර් කොපමණද;
(ii) එම එක් එක් ඉඩම ලබා දී ඇති ආයෝජකයාගේ නම, ලිපිනය, ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය සහ මේ වනවිට ඉඩම භාවිතා කරනු ලබන කාර්යය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත ඉඩම් අතරින් ලබා දුන් කාර්යය සඳහා භාවිතා කරනු නොලබන ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iv) එම ඉඩම් ලබාගෙන ඇති ආයෝජකයන් කවුරුන්ද;
(v) ඔවුන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීමේ බලය ඇති නිලධාරියා කවුරුන්ද;
(ii) මේ වන විට බැහැර කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-09
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks