පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3360/2023
ගරු ජයන්ත සමරවීර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අතුරල - උතුර ග්‍රාම නිලධාරි වසමේ ස්ථාපිත කර තිබූ අතුරල කනිෂ්ඨ විද්‍යාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලපාන ලද හේතුව කවරේද;
(ii) එම විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා අත්පත් කර ගන්නා ලද ඉඩමේ මුල් අයිතිකරුගේ නම, පිඹුරුපත් අංකය හා විශාලත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා භාවිතා කර තිබූ භූමි ප්‍රමාණය කොපමණද;
(iv) විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා එම ඉඩම අත්පත් කර ගන්නා ලද වර්ෂය කවරේද;
(v) මේ වනවිට ඉහත ඉඩම අයත් ආයතනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-12
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ගාල්ල, අතුරල කනිෂ්ඨ විද්‍යාලය: මුල් ස්ථානයෙන් ඉවත් කිරීම
පිළිතුරු දුන් දිනය
2024-01-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks