E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3410/ 2024 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3410/2023

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කර මීට වර්ෂ 25කට පමණ පෙර විශ්‍රාම ගන්වන ලද සේවකයන් 18 දෙනෙකු‍ට විශ්‍රාම වැටුප් ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව විසින් කරන ලද නිර්දේශ මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්;

      (ii) මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 17/2005 මඟින්  සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවත්;

      (iii) එම සේවකයන් 18 දෙනා විශ්‍රාම වැටුප් ලැබීමට සියලු සුදුසුකම් සපුරා ඇති බව ගුවන් විදුලි සංස්ථාවේ එවකට සභාපතිවරයා විසින් එවකට අමාත්‍යවරයාට හා ලේකම්වරයාට දන්වා ඇති බවත්;

      (iv) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එවකට අතිරේක ලේකම් විසින් ඉහත සේවකයන්ටද විශ්‍රාම වැටුප් ගෙවිය යුතු බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත නිර්දේශ කර ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එසේ නම්, ඉහත සේවකයන් 18 දෙනාට විශ්‍රාම වැටුප් ගෙවනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විශ්‍රාම ගන්වන ලද සේවකයන් 18දෙනා: විශ්‍රාම වැටුප ලබාදීම

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks