පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3425/2023
ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සඳහා නියම කරනු ලබන පිළිකා නාශක ඖෂධ එම රෝහලේ නොමැතිවීම හේතුවෙන් ඒවා රෝගීන්ට නිකුත් නොකරන බවත්;
(ii) ඉතා මිල අධික එම ඖෂධ මිලට ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති එම රෝගීන්, පිළිකා රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝහලේ මේ වනවිට හිඟ ඖෂධ වර්ග කවරේද;
(iii) ඖෂධ හිඟය මගහරවා ගෙන, අත්‍යාවශ්‍ය පිළිකා නාශක ඖෂධ, එම රෝහලට ලබා දීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;
(iv) එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දින වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-12
අසන ලද්දේ
ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
මහරගම අපේක්ෂා රෝහල: ඖෂධ හිඟය
පිළිතුරු දුන් දිනය
2024-01-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks