E   |     |  

 දිනය: 2023-10-05   පිළිතුර ලබා දී ඇත 

3475/ 2023 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3475/2023

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මාතර, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි “මිදෙල්ල කුඹුර” නමැති කුඹුරු ඉඩමේ අඳ ගොවියා වශයෙන් තිහගොඩ,  නායිම්බල “නන්දසිරි” නිවසේ පදිංචි ජේ.කේ.ඒ. ගුණපාල මහතා ඉතා දීර්ඝ කාලයක සිට වගා කටයුතු සිදු කරනු ලබන බැවින් ඒ මහතා විසින් ඉහත කුඹුරු ඉඩම සඳහා ඔප්පුව ලබා ගැනීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූව ද, මේ දක්වා අදාළ ඔප්පුව ලබා දී නොමැති බව දන්නේද;

      (ii) ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ගුණපාල මහතාට පිටපතක් සහිතව යොමු කර ඇති 2013.04.26 දිනැති අංක 15/6/168/මා/1-111 ලිපියේ සඳහන් කර තිබූ අඩුපාඩු සම්පූර්ණ කර තිබියදීත්, මේ වනතෙක් ඉහත කුඹුරු ඉඩම සඳහා ඔප්පුව ලබා නොදීමට හේතු කවරේද;

      (iii) ඉහත කුඹුරු ඉඩම සඳහා ඔප්පුව ලබා දීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-05

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks