පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3485/2023
ගරු වේලු කුමාර් මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වතුකරයේ වැවිලි කලාපවල සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම වෙනුවෙන් “වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන අධිකාරිය” ස්ථාපිත කර ඇති බව දන්නේද;
(ii) එම අධිකාරියේ පරිපාලන ව්‍යුහය කවරේද;
(iii) එම අධිකාරිය සඳහා මේ වනවිට පත් කර ඇති නිලධාරින්ගේ නම් කවරේද,
(iv) එම පත්වීම් සිදුකිරීමේදී සලකා බලන ලද සුදුසුකම් එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කවරේද,
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත අධිකාරියේ අරමුණු කවරේද;
(ii) එම අධිකාරිය විසින් ඉටු කරනු ලබන කාර්යයන් කවරේද;
(iii) එම අධිකාරියේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සැලසුම් සකස් කර තිබේද;
(iv) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-09
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks