E   |     |  

 දිනය: 2023-12-07   පිළිතුර ලබා දී ඇත 

3580/ 2023 - ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3580/2023

      ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      (i)       ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය සිදුවීමට ආසන්න දිනකදී, එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුණු දිනය කවරේද;

                 (ii)      එම බුද්ධි තොරතුරු යොමු කරන ලද රජයේ ආයතන හා නිලධාරින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) එම තොරතුරු ලබා දීමෙන් පසු, අදාළ අංශ විසින් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

        (iv) බුද්ධි අංශ මඟින් ලබා දෙන ලද තොරතුරු වෙත නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන තොරතුරු හා අදාළ නිලධාරින්ගේ නම් කවරේද; 

      (v) එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට ගෙන ඇති හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

       

අසන ලද දිනය

2023-12-07

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු: ක්‍රියා මාර්ග නොගැනීම

පිළිතුරු දුන් දිනය

2023-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks