පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3644/2023
ගරු වඩිවේල් සුරේෂ් මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන සුරාසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සුරාසැල් සංඛ්‍යාව එක් එක් මැතිවරණ බල ප්‍රදේශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත සුරාසැල් අතරින් වැඩි සංඛ්‍යාවක් වතුකරය තුළ හෝ වතුකරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන බව දන්නේද;
(iv) එසේ නම්, එසේ පවත්වාගෙන යනු ලබන සුරාසැල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම සුරාසැල් අතරින් වැඩි සංඛ්‍යාවක් ආගමික ස්ථානවලට හෝ පාසල්වලට නුදුරුව පවත්වාගෙන යනු ලබන බව දන්නේද;
(ii) ආගමික ස්ථානවලට, පාසල්වලට සහ වතුකරය ඇතුලත හෝ ආශ්‍රිතව සුරාසැල් පවත්වාගෙන යෑමෙන් වතුකරය ආශ්‍රිතව ජීවත්වන ජනතාවට සහ ප්‍රදේශවාසීන්ට සමාජීය ගැටලු ඇති වන බව දන්නේද;
(iii) එසේ නම්, එවැනි සුරාසැල් ඉවත් කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-06
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks