පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3665/2023
ගරු ලලිත් එල්ලාවල මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(ii) එම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා විදේශ පරිත්‍යාග ලැබුණේද;
(iii) එසේ නම්, එම එක් එක් විදේශ පරිත්‍යාගයේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;
(ii) නොඑසේ නම්, අදාළ ඉදිකිරීම් ආයතනය තෝරා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;
(iii) ඉදිකිරීම් විදේශ ආයතනයක් විසින් සිදු කරන ලද්දේ නම්, එහි ශ්‍රී ලාංකික නියෝජිතායතනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති රජයේ අරමුදල් ප්‍රමාණය කොපමණද;
(ii) එම අරමුදල් ලබා ගන්නා ලද ආයතන කවරේද;
(iii) එම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය විවෘත කරන ලද දිනයේ සිට මේ දක්වා එහි ආදායම සහ වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-09
අසන ලද්දේ
ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks