E   |     |  

 දිනය: 2023-10-17   පිළිතුර ලබා දී ඇත 

3667/ 2023 - ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3667/2023

      ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට ,— 

      (අ)         (i)       2004.12.27 වන දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වික්ටෝරියා නේවාසික කළමනාකරණ කාර්යාලයේදී පවත්වන ලද ඉඩම් කච්චේරිය මඟින් ඉඩම්ලාභීන් ලෙස තෝරා පත් කරනු ලැබූ පුද්ගලයන් 44‍ දෙනෙකු සඳහා රජවැල්ල සහ රජවැල්ල-උතුර යන ජනාවාසවලින් පර්චස් 10 සහ පර්චස් 15 ප්‍රමාණයේ ඉඩම් කැබලි ලබා දුන් බවත්;

      (ii) පර්චස් 10 සහ පර්චස් 15 ප්‍රමාණයේ ඉඩම් කැබලි සඳහා පිළිවෙළින් රුපියල් ලක්ෂ තුන සහ ලක්ෂ හතර බැගින් තක්සේරු වටිනාකමක් ගෙවීමට නියම කරන ලද බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) අදාළ ඉඩම්ලාභීන්ගෙන් ඉහත සඳහන් තක්සේරු වටිනාකම අයකර ගෙන එම ඉඩම් සඳහා කඩිනමින් ඔප්පු නිකුත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-17

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජවැල්ල සහ රජවැල්ල-උතුර ජනාවාස ඉඩම්: ඔප්පු ලබා දීම

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks