E   |     |  

 දිනය: 2023-12-09   පිළිතුර ලබා දී ඇත 

3681/ 2023 - ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3681/2023

      ගරු  වඩිවේල් සුරේෂ් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       උඩරට දුම්රිය මාර්ගය, සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ විශේෂ දුම්රිය මාර්ගයක් බවත්;

                   (ii)       සතියේ දිනවල කොළඹ සිට බදුල්ල දක්වා මගී දුම්රිය හතරක්, බදුල්ල සිට කොළඹ දක්වා මගී දුම්රිය හතරක් සහ සති අන්තයේ දිනවල අමතර සංචාරක දුම්රියක් එම දුම්රිය මාර්ගයේ ධාවනය කරවනු ලබන බවත්;

      (iii) වතුකරය ආශ්‍රිතව හා ඒ අවට ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ගමන් පහසුව එම දුම්රියවලින් සලසා ගන්නා බැවින් එම දුම්රියවල අධික තදබදයක් පවතින බවත්;

      (iv) එම තදබදය හේතුවෙන් මහනුවර, ඇල්ල, දෙමෝදර, බණ්ඩාරවෙල සහ නුවරඑළිය සංචාරක කලාප කරා ගමන් කරන දේශීය විදේශීය සංචාරකයන් මෙන්ම අනෙක් මගීන් දැඩි අසීරුතාවයකට පත්වන බවත්;

      ‍එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) මගී තදබදය වැළැක්වීම සඳහා එම මාර්ගයේ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට හෝ මේ වනවිට ක්‍රියාත්මක ගමන් වාර සඳහා භාවිතා කරනු ලබන මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නේද;

      (ii) බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ පහසුකම් වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-12-09

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks