පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3720/2023
ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට ,—
(අ) (i) වර්ෂ 2019 සිට 2022 දක්වා අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයදුම් කරන ලද අයදුම්කරුවන් සංඛ්‍යාව සහ එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) අයදුම්කරුවන් අතරින් විශාල පිරිසක් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී නොසිටින බව පිළිගන්නේද;
(iii) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන වර්ෂය කවරේද;
(ii) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස් පෙළ) විභාග සම්බන්ධයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිසංස්කරණ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල පවතින ගුරු හිඟය කොපමණද;
(ii) එම ගුරු හිඟය මගහැරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-11
අසන ලද්දේ
ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ගුරු හිඟය: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks