පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3753/2023
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන එක් එක් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම්කරුවන් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල, දින 60කට වඩා වැඩි, දින 90කට වඩා වැඩි, දින 120කට වඩා වැඩි, දින 180කට වඩා වැඩි සහ දින 360කට වඩා වැඩි යන කාල වර්ගීකරණය අනුව;
(ii) ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල, දින 60කට වඩා වැඩි, දින 90කට වඩා වැඩි, දින 120කට වඩා වැඩි සහ දින 180කට වඩා වැඩි යන කාල වර්ගීකරණය අනුව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉන්දියානු ණය ආධාර ඇණවුම් මත ඖෂධ සැපයූ සැපයුම්කරුවන් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල;
(ii) 2023.01.01 දින සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයීම් අංශය සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ සැපයුම්කරුවන් සහ ඖෂධ නිෂ්පාදකයන් සඳහා ගෙවා ඇති මුදල එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-12
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
දේශීය හා ඉන්දියානු ඖෂධ සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයින්: ගෙවිය යුතු හිඟ මුදල්
පිළිතුරු දුන් දිනය
2024-01-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks