E   |     |  

 දිනය: 2024-01-24   පිළිතුර ලබා දී ඇත 

3799/ 2024 - ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3799/2023

      ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කඩුගන්නාව සිට ගම්පොල දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට පියවර ගෙන තිබේද;

                    (ii)      එම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ගම්පොල, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහටපිටිය සහ බෝතලපිටිය යන ගම්මානවල පදිංචිකරුවන් විසින් භාවිතා කරනු ලබන දේවරාජ මාර්ගය ඇතුළු අනෙකුත් ප්‍රවේශ මාර්ග අහිමිවීමේ අවදානමක් පවතින බව දන්නේද;

      (iii) එම පදිංචිකරුවන්ගේ නිවාස, මහවැලි ගඟ ආශ්‍රිතව පර්චස් 4,6 වැනි කුඩා ඉඩම් කොටස්වල ඉදිකර ඇති බැවින් ඔවුන්ගේ නිවාස/දේපලවලට සහ ප්‍රවේශ මාර්ගවලට හානි නොවන අයුරින් ඉහත මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන්නේද;

        (iv) එසේ නම්, ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා කවරේද;

        (v) ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන විකල්ප යෝජනා සලකා බලන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-01-24

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කඩුගන්නාව සිට ගම්පොල දක්වා දුම්රිය මාර්ගය නවීකරණය: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks