බලන්න

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0001/ 2024 - ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1/2024

      ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අකුරණ ප්‍රදේශවාසීන් විසින් කැළි කසල, අබලි ගොඩනැඟිලි ද්‍රව්‍ය, හිස් ටින්, ප්ලාස්ටික් බෝතල්, මළ අපද්‍රව්‍ය අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔයට දැමීම නිරතුරුවම සිදු කරනු ලබන බවත්;

        (ii) එසේම එම ඔයේ ඉවුරු දෙපස අනවසරයෙන් ගොඩනැඟිලි ඉදිකරනු ලබන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත (අ)හි සඳහන් හේතු නිසා වර්ෂා කාලයේදී ගංවතුර ඇති වීමේ අවදානම හා මහවැලි ගඟට දූෂිත අපද්‍රව්‍ය එකතු වීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා ලබා ගෙන තිබේද;

      (ii) පිඟා ඔය දෙපස ඉදිකර ඇති  අනවසර ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

      (iii) එයට කැළි කසල හා අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම ඔය දෙපස ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් තිබේද;

      (iv) මේ වනවිට පිඟා ඔයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පියවර ගෙන තිබේද;

      (v) එසේ නම්, එම පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිඟා ඔයට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ඉවුරු දෙපස ඇති අනවසර ඉදිකිරීම් : ගත හැකි ක්‍රියාමාර්ග

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks