පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3/2024
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) සෑම වර්ෂයකම අධික වියළි කාළගුණ තත්ත්ව පවතින කාලවලදී මහනුවර, පන්විල සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ ඇතුළු මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල රක්ෂිත වනාන්තර, ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත වනාන්තර සහ කුඩා ලඳු කැළෑ ගිනි තබන බවත්;
(ii) ඒ හේතුවෙන් ජල උල්පත් සිඳීයාම, වර්ෂා කාලයට කඳු මුදුන්වල ඇති ගල් පෙරලීම හා නාය යාම් ඇති වීම වැනි හානි සිදු වන බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, ඉහත ගිනි තැබීම් වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේද;
(ii) උණුසුම් කාළගුණයත් සමඟ ගිනි ගැනීම් සීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iii) සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා තිරසර විසඳුමක් ලබා දෙන්නේද;
(iv) එසේ නම්, එම විසඳුම කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-21
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
වියළි කාලවලදී මධ්‍යම කඳුකරයේ වනාන්තර ගිනි තැබීම: වැළැක්වීම
පිළිතුරු දුන් දිනය
2024-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks