E   |     |  

 දිනය: 2024-03-22   පිළිතුර ලබා දී ඇත 

0311/ 2024 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 311/2024

      ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      රත්නපුර, කුරුවිට,  බෝපත් ඇල්ල නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අයකරන්නේද;

        (ii)       එසේ නම්, එම මුදල් අයකර ගනු ලබන ආයතනය කවරේද;

      (iii) ඒ තුළින් එම ආයතනය උපයනු ලබන වාර්ෂික ආදායම කොපමණද;

      (iv) එම ආදායම යො‍දා ගනිමින් බෝපත් ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේද;

      (v) බෝපත් ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන දේශීය ළමා සංචාරකයකුගෙන් හා විදේශීය ළමා සංචාරකයෙකුගෙන් අයකරනු ලබන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුවිට, බෝපත් ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්: අය කරන ගාස්තු

පිළිතුරු දුන් දිනය

2024-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks