බලන්න

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0354/ 2024 - ගරු ගෙවිඳු කුමාරතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 354/2024

      ගරු ගෙවිඳු කුමාරතුංග මහතා,—  මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2022 දෙසැම්බර් 31 දිනට —

                    (i)      සිය අරමුදල් ආයෝජනය කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදල උපයා ඇති මුළු මුදල;

                   (ii)      අරමුදලේ මුළු තැන්පතුවල වටිනාකම;

      (iii) අරමුදල් ආයෝජනය කිරීමෙන් උපයන ලද මුළු මුදල, අරමුදලේ මුළු තැන්පතුවල වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස;

      කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) 2022 දෙසැම්බර් 31 දිනට —

      (i) සේවක අර්ථසාධක අරමුදලේ දායකයන් සංඛ්‍යාව;

      (ii) සක්‍රීය දායකයන් සංඛ්‍යාව;

      (iii) ඉහත සක්‍රීය දායකයන්ගේ ගිණුම් ශේෂයන්හි මුළු වටිනාකම;

       

        (iv) අරමුදල් ආයෝජනය කිරීමෙන් උපයන ලද මුළු මුදල, සක්‍රීය දායකයන්ගේ ගිණුම් ශේෂයන්හි මුළු වටිනාකමේ ප්‍රතිශතයක් ලෙස;

      කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු ගෙවිඳු කුමාරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන : ඉපැයීම්

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks