බලන්න

E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0355/ 2024 - ගරු ගෙවිඳු කුමාරතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 355/2024

      ගරු ගෙවිඳු කුමාරතුංග මහතා,—  විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පත් කළ දිනය;

                   (ii)       එදිනට සහ 2024.01.31 දිනට එක් එක් පරිභෝජන කාණ්ඩයේ                     විදුලි ඒකකයකට අය කළ ගාස්තුව සහ එම ගාස්තුවේ වැඩි වීම ප්‍රතිශතාත්මකව වෙන් වෙන් වශයෙන්;

      කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) (අ)(i)හි සඳහන් දිනට සහ 2024.01.31 දිනට;

      (ii) (අ)(i)හි සඳහන් දිනයේ සිට 2024.01.31 දින දක්වා රතු බිල් නිකුත් කළ සහ විදුලිය විසන්ධි කළ;

      විදුලි පරිභෝගිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) 2011.01.01 දිනයේ සිට 2020.12.31 දින දක්වා නව විදුලි සම්බන්ධතා ලබා ගත් සහ විදුලිය විසන්ධි කළ පාරිභෝගිකයන් සංඛ්‍යා‍ව වෙන් වෙන් වශයෙන්;

      (ii) ඒ අතර වෙනස;

       

      (iii) (අ)(i)හි සඳහන් දිනයේ සිට 2024.01.31 දක්වා විදුලි සම්බන්ධතා ලබා ගත් සහ විදුලිය සම්බන්ධතාවය විසන්ධි කළ පාරිභෝගිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;

      (iv) ඒ අතර වෙනස;

      (v) වර්තමාන අමාත්‍යවරයාගේ ධුර කාලයේදී විදුලි සම්බන්ධතා ලබා ගත් සහ විදුලිය සම්බන්ධතාවය විසන්ධි කළ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව වාර්ෂික සාමාන්‍ය අගයක් ලෙස;

      කොපමණද යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද‍?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු ගෙවිඳු කුමාරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදුලි පාරිභෝගිකයන්: නව සම්බන්ධතා සහ විසන්ධි කිරීම්

පිළිතුරු දුන් දිනය

2024-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks