E   |     |  

 දිනය: 2024-03-22   පිළිතුර ලබා දී ඇත 

0357/ 2024 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 357/2024

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,—  කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල විභාග වන ළමා අපචාරවලට අදාළ නඩු සංඛ්‍යාව;

        (ii)       එම සංඛ්‍යාව, නඩු විභාගය ආරම්භ කර වර්ෂ 2, 4, 6, 8 සහ 10 යන කාල වර්ගීකරණය මත පදනම්ව එක් එක් දිස්ත්‍රික්කය අනුව;

      (iii) වර්ෂ 2020 සිට මේ දක්වා අධිකරණ කටයුතු වලට යොමු වී නොමැති නමුත් ශ්‍රී ලංකා පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කර ඇති ළමා අපචාර පැමිණිලි සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව;

      (iv) වර්ෂ 2018 සිට 2022 දක්වා සිදු වී ඇති ළමා අපචාර හේතුවෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති දරුවන් සංඛ්‍යාව ස්ත්‍රී හා පුරුෂ සමාජභාවය අනුව;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

       

      (ආ) (i) පොලිසියට හෝ අධිකාරියට වාර්තා නොවන ළමා අපචාර සම්බන්ධයෙන් දත්ත තිබේද;

      (ii) එසේ නම්, එම ළමා අපචාර සංඛ්‍යාව වාර්ෂිකව කොපමණද;

      (iii) පසුගිය වර්ෂ දෙක තුළ ළමා අපචාර ක්‍රමිකව වර්ධනය වී ඇති බව පිළිගන්නේද;

      (iv) එසේ නම්, ඊට හේතු කවරේද;

      (v) ළමා අපචාර සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ප්‍රමාදය වළක්වා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වාර්තා නොකළ සහ අධිකරණයේ විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks