E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0361/ 2024 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 361/2024

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2023 ඔක්තෝබර් 01 දින වන විට —

                    (i)      රජයේ පාසල්වල සේවය කරනු ලබන ගුරුවරුන්, ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් සංඛ්‍යාව;

                    (ii)      ගණිතය, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, සෞන්දර්ය, ක්‍රීඩා සහ ප්‍රාථමික අධ්‍යාපනය යන එක් එක් විෂය සඳහා සිටිය යුතු ගුරුවරුන් සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරනු ලබන ගුරුවරුන්  සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව;

      (iii) විදුහල්පති තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව;

      (iv) වැඩබලන විදුහල්පතිවරුන් ලෙස සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව අධ්‍යාපන කලාපය අනුව;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) වැඩිම ගුරු හිඟය හා අතිරික්තය පවතින සහ වැඩිම විදුහල්පති හිඟය හා  අතිරික්තය පවතින අධ්‍යාපන කොට්ඨාස විස්සේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජයේ පාසල්වල ගුරු-විදුහල්පති හිඟය සහ අතිරික්තය: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks