E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0366/ 2024 - ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 366/2024

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ‘හඳුනා නොගත්’ වකුගඩු රෝගය වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       වකුගඩු රෝගීන් බහුල වශයෙන් වාර්තා වන දිස්ත්‍රික්ක සහ එම  එක් එක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) වකුගඩු රෝගීන් වාර්තා වන අනෙකුත් දිස්ත්‍රික්ක සහ එම එක් එක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වකුගඩු රෝගියකු සඳහා රජය විසින් ලබා දෙනු ලබන මාසික දීමනාව කොපමණද;

      (ii) මේ වනවිට එම දීමනාව ලබන වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වකුගඩු රෝගීන් : විස්තර

පිළිතුරු දුන් දිනය

2024-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රමේෂ් පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks