E   |     |  

 දිනය: 2024-03-22   පිළිතුර ලබා දී ඇත 

0367/ 2024 - ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 367/2024

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ මධ්‍යම රජ‍යට, පළාත් සභාවලට සහ පෞද්ගලික අංශයට අයත් රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;

                    (ii)       එම රෝහල්වල ඇති ඇඳන් සංඛ්‍යාව;

                  (iii)       මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල්වල ස්ථාපිත කර ඇති හදිසි ප්‍රතිකාර සේවා ඒකකවල ඇඳන් සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ සිටින ලියාපදිංචි වෛද්‍යවරුන් සංඛ්‍යාව;

      (ii) මේ වනවිට සේවයේ යෙදී සිටින හෙද නිලධාරින් හා හෙදි නිලධාරිනියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;

      (iii) වෛද්‍ය, හෙද හැර රජයේ රෝහල්වල සේවය කරනු ලබන අනෙකුත්    සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන්;

      (iv) ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින වෛද්‍ය-රෝගීන් අනුපාතය සහ රෝගීන්- ඇඳන් අනුපාතය වෙන් වෙන් වශයෙන්‍;

      කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මධ්‍යම රජය, පළාත් සභා සහ පෞද්ගලික අංශයට අයත් රෝහල්: කාර්ය මණ්ඩලය

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සීතා අරඹේපොල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks