බලන්න

E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

0371/ 2024 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 371/2024

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සමාගමෙන් (M/S Lazards-France) මූල්‍ය උපදේශන සේවා ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගිවිසුමකට එළැඹී තිබේද;

                   (ii)       එසේ නම්, එම ගිවිසුම අනුව ඉහත සමාගමේ මූලික වගකීම් කවරේද;

      (iii) ඉහත ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු මුදල හා මේ වනවිට ගෙවා ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් හා එක්සත් ජනපද ඩොලර් වලින් වෙන් වෙන් වශයෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ක්ලිෆර්ඩ් චාන්ස් (M/S Clifford Chance LLP) සමාගමෙන් නීති උපදේශක සේවා ලබා ගැනීමට රජය ගිවිසුමකට එළැඹී තිබේද;

      (ii) එසේ නම්, එම ගිවිසුම අනුව ඉහත සමාගමේ මූලික වගකීම් කවරේද;

      (iii) ඉහත ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු මුදල හා මේ වනවිට ගෙවා ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් හා එක්සත් ජනපද ඩොලර් වලින් වෙන් වෙන් වශයෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමඟ එළඹි ගිවිසුම්: මූලික වගකීම් සහ ගෙවීම්

පිළිතුරු දුන් දිනය

2024-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks