බලන්න

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

0373/ 2024 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 373/2024

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2022 වර්ෂය තුළ රිය අනතුරුවලට ලක් වී ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම අනතුරු හේතුවෙන් මරණයට පත් වූ හා තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඉහත  අනතුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් විමර්ශන සිදු කර තිබේද;

      (iv) එසේ නම්, එම විමර්ශනවල නිගමන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2022 වර්ෂය තුළ රිය අනතුරුවලට ලක් වී ඇති පුද්ගලික බස්රථ සංඛ්‍යාව කොපමණද;

      (ii) එම අනතුරු හේතුවෙන් මරණයට පත් වූ හා තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) අනතුරු අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2022දී ශ්‍රීලංගම සහ පෞද්ගලික බස් රථ සම්බන්ධ අනතුරු: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks