පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
377/2024
ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති ඉන්ධන බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් මධ්‍යස්ථානයේ ගබඩා ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් මධ්‍යස්ථානයේ ගබඩා ධාරිතාවය අවසන්වරට වැඩි කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ වර්තමාන ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව ඉහත සඳහන් මධ්‍යස්ථානවල ගබඩා ධාරිතාව පහළ මට්ටමක පවතින බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඒවයේ ගබඩා ධාරිතාවය වැඩි කිරීමට කටයුතු කරන්නේද;
(iii) ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) බවුසර් මඟින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට සාපේක්ෂව දුම්රිය ගැල් මඟින් ඉන්ධන ප්‍රවාහනය කිරීම ලාභදායක සහ ගැටලු අවම ක්‍රමයක් බව පිළිගන්නේද;
(v) එසේ නම්, ඉන්ධන ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් දුම්රිය භාවිතා කිරීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-05
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
ඉන්ධන බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන: ගබඩා ධාරිතාව
පිළිතුරු දුන් දිනය
2024-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks