E   |     |  

 දිනය: 2024-03-06   පිළිතුර ලබා දී ඇත 

0509/ 2024 - ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 509/2024

      ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      වර්ෂ 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට විවෘත හා සීමිත තරඟ විභාග යටතේ බඳවාගන්නා ලද නිලධාරින් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව;

                   (ii)      එම එක් එක් නිලධාරියාගේ  නම, ලිපිනය සහ වර්තමාන සේවා ස්ථානය;

      (iii) ඉහත නිලධාරින් අතරින් වර්ෂ 2018 සිට මේ දක්වා ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති නිලධාරින් සංඛ්‍යාව, එම එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය සහ සේවා ස්ථානය;

      (iv) ඉහත (iii)හි සඳහන් නිලධාරින් අතරින් මේ දක්වා ස්ථාන මාරුවීම් ලබා ඇති සහ ස්ථාන මාරුවීම් ලබා නොමැති නිලධාරින් සංඛ්‍යාව, එම එක් එක් නිලධාරියාගේ නම සහ සේවා ස්ථානය;

      වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය වැනි සේවාවල මෙන් සාධාරණ ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා ක්‍රියාත්මක කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-06

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2010 වසරේ සිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගත් නිලධාරින්: ස්ථාන මාරු

පිළිතුරු දුන් දිනය

2024-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks