E   |     |  

 දිනය: 2024-03-20   පිළිතුර ලබා දී ඇත 

0588/ 2024 - ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 588/2024

      ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ  කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       මේ වනවිට එම ආයතනවල සේවය කරනු ලබන මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද ;

      (iii) එම සේවකයන් නඩත්තු කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව වැය කරනු ලබන මුළු මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මේ වනවිට ඉහත සඳහන් සියලුම පළාත් පාලන ආයතනවල පවතින නගරාධිපති, සභාපති හා මන්ත්‍රී තනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගෙවනු ලබන මුළු මාසික දීමනාව වෙන්‍ වෙන් වශයෙන් කවරේද;

      (iii) පළාත්පාලන ආයතනවල සියලු මන්ත්‍රීවරුන් සඳහා රජය විසින් දරනු ලබන මුළු වියදම මාසිකව හා වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට තමා සේවය කරනු ලබන කොට්ඨාසය නියෝජනය කරමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහිමි කරමින් සිදු කරන ලද සංශෝධනය ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පළාත් පාලන ආයතනවල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය: මුළු වියදම

පිළිතුරු දුන් දිනය

2024-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks