E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

0589/ 2024 - ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 589/2024

      ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

      (අ)         (i)       2022.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව එක් එක් අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii) 2019.01.01 සිට 2019.12.31 දින දක්වා විශ්‍රාම ගන්වන ලද රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (iii) වර්ෂ 2020 සිට 2022 දක්වා බඳවාගන්නා ලද සහ විශ්‍රාම ගන්වන ලද රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) 2023.01.01 දිනට මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මේ වනවිට රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව දන්නේද;

        (ii) එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

      (iii) පසුගිය කාලයේ ඇති වූ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් රාජ්‍ය සේවයේ බිඳවැටීමක් සිදු වූ බව පිළිගන්නේද;

      (iv) එම බිඳවැටීම වළක්වා ගනිමින් රාජ්‍ය සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රාජ්‍ය සේවය: රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන්

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks