පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
609/2024
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පසුගිය වර්ෂ 3ක කාලය තුළ —
(i) සුනඛයන් සපාකෑම හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව;
(ii) ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;
(ආ) (i) අයාලේ යන සුනඛයන්ගෙන් මෙන්ම ගෘහ ආශ්‍රිතව සුරතලයට ඇති කරනු ලබන සුනඛයන්ගෙන්ද ජලභීතිකා රෝගය වැළදෙන බව අනාවරණය වී තිබේද;
(ii) එසේ නම්, ජලභීතිකා රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) සුරතල් සතුන් ඇති කිරීමට අදාළව නීති/රෙගුලාසි හෝ සුරතල් සතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තිබේද;
(iv) නොඑසේ නම්, එවැනි නීති/රෙගුලාසි හෝ සුරතල් සතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-06
අසන ලද්දේ
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
ජලභීතිකා රෝගය පැතිරීම අවම කිරීම: ගෙන ඇති පියවර
පිළිතුරු දුන් දිනය
2024-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks