E   |     |  

 දිනය: 2024-03-20   පිළිතුර ලබා දී ඇත 

0610/ 2024 - ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 610/2024

      ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව පැනවිය හැකි උපරිම දඬුවම මරණ දඬුවම බවත්;

                   (ii)       මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වනවිට  සිදු නොවන බවත්;

                  එතුමා දන්නෙහිද?

      (ආ‍) (i) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ලණු ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සම්පාදනය කර එල්ලුම් ගහ අලුත්වැඩියා කර තිබේද;

      (ii) එසේ නම්, ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;

      (iii) අලුගෝසු තනතුර සඳහා බඳවාගැනීමට පියවර ගෙන තිබේද;

      (iv) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධාවන් තිබේද;

      (v) එසේ නම්, එම බාධාවන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks