පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
613/2024
ගරු ජයන්ත සමරවීර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023.01.01 දින වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති මත්පැන් බලපත්‍ර වර්ග කවරේද;
(iii) එම එක් එක් මත්පැන් බලපත්‍ර වර්ගය සඳහා ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) 2023.01.01 දින සිට 2024.01.01 දින දක්වා ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(v) එම සංඛ්‍යාව, මේ වනවිට ලබා දී ඇති මුළු මත්පැන් බලපත්‍ර සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(vi) එම ප්‍රතිශතය, එක් එක් මත්පැන් බලපත්‍ර වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මත්පැන් සුලභ වීම, මත්පැන් පරිභෝජනය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් බවත්;
(ii) එමඟින් මත්පැන් ආශ්‍රිත රෝග ඉහළ යාමෙන් සෞඛ්‍ය සඳහා වෙන් කළ යුතු මුදල ඉහළ යන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
සුරාබදු දෙපාර්තමේන්තුව: මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම
පිළිතුරු දුන් දිනය
2024-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks