E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0635/ 2024 - ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 635/2024

      ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,—  මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2023 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදු කර ඇති මනුෂ‍්‍ය ඝාතන සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       ඒ අතරින් නඩු පවරා ඇති සැකකරුවන් සංඛ්‍යාව කොපමණ ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2023 වර්ෂය තුළ අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද;

      (ii) එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iii) ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති යුක්තිය වැඩසටහනේ ප්‍රගතිය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks