E   |     |  

 දිනය: 2024-03-20   පිළිතුර ලබා දී ඇත 

0636/ 2024 - ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 636/2024

      ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2023 වර්ෂයේදී රජයේ මැදිහත්වීම මත විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර ඇති රටවල් කවරේද;

                   (ii)       එම එක් එක් රට වෙත යොමු කර ඇති සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) 2023 වර්ෂයේදී රජයේ මැදිහත්වීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රී ලාංකික සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (iv) එම වර්ෂයේදී විදේශීය රැකියාවල නියුතු සේවකයන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති මුළු විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

      (v) ඉදිරියේදී ‍විදේශීය රැකියා සඳහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යොමු කරවීමට සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;

                  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks