E   |     |  

 දිනය: 2024-03-07   පිළිතුර ලබා දී ඇත 

1089/ 2024 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1089/2024

      ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වී ඇතුළු අනෙකුත් බෝගවල අස්වනු නෙලීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම මේ වනවිට ඉහළ ගොස් තිබෙන බව දන්නේද;

                   (ii)      එසේ නම්, අස්වනු නෙලීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් නියාමනයක් සිදු කරන්නේද;

      (iii) නොඑසේ නම්, ඉදිරියේදී ඒ සඳහා පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) කෘෂි යන්ත්‍ර සූත්‍ර සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ ගොස් ඇති බැවින් ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බව පිළිගන්නේද;

      (ii) යන්ත්‍ර සූත්‍ර සඳහා ඉඩම් අක්කරයකට/වී බුසලකට අය කළ හැකි උපරිම ගාස්තුවක් නියම කිරීමට පියවර ගන්නේද;

      (iii) එසේ නම්,  උපරිම ගාස්තුවක් නියම කරනු ලබන දින වකවානු කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කෘෂි යන්ත්‍ර සූත්‍ර භාවිතය: අය කරන ගාස්තු නියාමනය

පිළිතුරු දුන් දිනය

2024-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks