E   |     |  

 පිළිතුර ලබා දී නැත 

1090/ 2024 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1090/2024

      ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති කල්බදු සමාගම් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      විධිමත් පරිදි ලියාපදිංචි කර නොමැති කල්බදු සමාගම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේද;

      (iii) කල්බදු සමාගම් විසින් විවිධ පොලී අනුපාත අය කිරීම හේතුවෙන් එම සමාගම් සමඟ ගිවිසුම්ගත වී ඇති පාර්ශ්වයන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බව දන්නේද;

      (iv) එම සමාගම් විසින් අය කරනු ලබන පොලී අනුපාතයන් නියාමනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේද;

      (v) කල්බදු පහසුකම් ලබා ගන්නා ලද ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks