E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

1127/ 2024 - ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1127/2024

      ගරු ඩී. වීරසිංහ මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බව දන්නේද;

                   (ii)       ශ්‍රී ලංකාවේ සිටින විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       වර්ෂ 2019 සිට මේ දක්වා විසිතුරු මත්ස්‍යයන් අපනයනය කිරීමෙන් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;

               යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය: 2019 සිට ලැබූ ආදායම

පිළිතුරු දුන් දිනය

2024-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks