E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

1147/ 2024 - ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1147/2024

      ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,—  වාරිමාර්ග අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

      (අ)         (i)      රත්නපුර, උඩවලව ජලාශය පසුගිය කාලයේ පැවති නියඟය හේතුවෙන් සිදී ගිය බවත්;

                   (ii)      ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව හා වන සතුන් ජලය නොමැති වීමෙන් දැඩි පීඩාවකට පත් වූ බවත්;

      (iii) ‍රොන්මඩ හේතුවෙන් එම ජලාශය විශාල ලෙස ගොඩ වී ඇති බවත්;

      ‍ එතුමිය දන්නෙහිද?

      (ආ) (i) උඩවලව ජලාශයේ පවතින ‍රොන්මඩ ඉවත් කිරීම සඳහා පියවර ගන්නේද;

      (ii) ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;

      (iii) රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උඩවලව ජලාශය: රොන්මඩ ඉවත් කිරීම

පිළිතුරු දුන් දිනය

2024-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks