E   |     |  

 දිනය: 2024-05-09   පිළිතුර ලබා දී ඇත 

1148/ 2024 - ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1148/2024

      ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,—  කම්කරු හා වි‍දේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2023.01.01 දින සිට මේ දක්වා රැකියා සඳහා විදේශ ගත වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම සංඛ්‍යාව සේවය කරනු ලබන රට අනුව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) විදේශ රැකියා සඳහා ඉදිරියේදීත් ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව සැලසී තිබේද;

      (ii) එසේ නම්, එම රටවල් කවරේද;

      (iii) එම විදේශ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට ගෙන ඇති පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-09

අසන ලද්දේ

ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශ රැකියා අවස්ථා ඇති කිරීම : ගෙන ඇති පියවර

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks