පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1149/2024
ගරු ලලිත් වර්ණ කුමාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කළුතර, හොරණ සහ මතුගම යන එක් එක් අධ්‍යාපන කලාපයේ ඇති දෙමළ මාධ්‍ය පාසල් සංඛ්‍යාව;
(ii) එම එක් එක් අධ්‍යාපන කලාපයේ මේ වනවිට පවතින දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව;
(iii) මෑතකදී විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමේදී, ඉහත සඳහන් එක් එක් අධ්‍යාපන කලාපයට පත් කරන ලද දෙමළ මාධ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සිසුන් 620ක් පමණ ඉගෙනුම ලබන කළුතර අධ්‍යාපන කලාපයේ ඇති
කළු/අල්-හසනියා මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකුගේ පුරප්පාඩුව ඇතුළුව මේ වනවිට ගුරු පුරප්පාඩු 15ක් පමණ පවතින බව දන්නේද;
(ii) එසේ නම්, එම ගුරු පුරප්පාඩු පිරවීමට පියවර ගන්නේද;
(iii) ඉහත පාසලේ ප්‍රමාණවත් පරිදි ගොඩනැගිලි පහසුකම් නොමැති බව දන්නේද;
(iv) දානපතියන්ගේ සහයෝගයෙන් ඉදිකරමින් පවතින පන්ති කාමර 12කින් යුත් තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව දන්නේද;
(v) එම පන්ති කාමර 12 සඳහා මේස හා පුටු ලබා දීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-07
අසන ලද්දේ
ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
කළුතර, හොරණ සහ මතුගම අධ්‍යාපන කලාපවල දෙමළ මාධ්‍ය පාසල්: ගුරු පුරප්පාඩු
පිළිතුරු දුන් දිනය
2024-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks