E   |     |  

 දිනය: 2024-03-07   පිළිතුර ලබා දී ඇත 

1151/ 2024 - ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1151/2024

      ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ගම්මිරිස්, කරාබුනැටි, එනසාල් සහ කුරුඳු වැනි සුළු අපනයන භෝග වගාව ග්‍රාමීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

                   (ii)       ඉදිරියේදී සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රදේශ කවරේද;

      (iii) සුළු අපනයන භෝග සඳහා පොහොර ලබා දීමට වැඩපිළිවෙළක් තිබේද;

      (iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

      (v) සුළු අපනයන භෝග ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සුළු අපනයන භෝග වගාව ප්‍රවර්ධනය : ක්‍රියාමාර්ග

පිළිතුරු දුන් දිනය

2024-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලොහාන් රත්වත්තේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks