E   |     |  

 දිනය: 2024-03-22   පිළිතුර ලබා දී ඇත 

1243/ 2024 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1243/2024

      ගරු කුමාරසිරි රත්නායක මහතා,—  සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;

                    (ii)       එම ඉඩම් අතරින් මේ වනවිට ජනතාව අතර බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iii) ඉහත (ii)හි සඳහන් ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ජනතාව අතර බෙදා දී ඇති ඉඩම් සඳහා මේ වනවිට ඔප්පු ලබා දී තිබේද;

      (ii) එසේ නම්, වර්ෂ 2021 සිට මේ දක්වා පදිංචිකරුවන් සහ වගාකරුවන් වෙත ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව සහ ඊට අදාළ ඉඩම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඔප්පු ලබා දී නොමැති ඉඩම් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කරන්නේද;

      යන්නත් එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-22

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්: මොනරාගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks