E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

1252/ 2024 - ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1252/2024

      ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබන බව දන්නේද;

                   (ii)       බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනු ලබන ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන සංඛ්‍යාව කොපමණද;

      (iii) එම ආයතනවල නම් කවරේද;

      (iv) ඉහත සඳහන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව සඳහා පවතින රජයේ ශික්ෂණ රෝහල් සංඛ්‍යාව කොපමණද;

      (v) එම රෝහල්වල නම් කවරේද;

      (vi) ශ්‍රී ලංකා‍වේ පෞද්ගලික බටහිර වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පෞද්ගලික බටහිර වෛද්‍ය අධ්‍යාපනය: ප්‍රවර්ධනය

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks