E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

1253/ 2024 - ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1253/2024

      ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන්   ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද ;

                   (ii)       බලපත්‍ර නිකුත් කිරීමේදී එම කාර්යාංශය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

      (iii) බලපත්‍ර නිකුත් කිරීමේදී එම ක්‍රියාවලියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇති  බව දන්නේද;

      (iv) එසේ නම්,  බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති  ක්‍රියාමාර්ග කවරේද;

      (v) මේ වනවිට දූෂිත ආයතනයක් බවට පත් වී ඇති ඉහත ආයතනය, එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය: බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහි බලපෑම්

පිළිතුරු දුන් දිනය

2024-07-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks