E   |     |  

 දිනය: 2024-03-19   පිළිතුර ලබා දී ඇත 

1285/ 2024 - ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1285/2024

      ගරු කිංස් නෙල්සන් මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරනු ලබන භෞත චිකිත්සකවරුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම එක් එක් භෞත චිකිත්සකවරයාගේ නම හා ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

                  (iii)       ඉහත සඳහන් භෞත චිකිත්සකවරුන්ගේ රාජකාරි ස්වභාවය කවරේද;

      (iv) ඔවුන්ට ගෙවනු ලබන වැටුප් හා වෙනත් දීමනා කවරේද;

      (v) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පසුබෑම මගහරවා ගැනීම සඳහා  ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය: භෞත චිකිත්සකවරුන්

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks