පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1700/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හදිසි මිලදී ගැනීමේ යෝජනා ක්‍රමය අනුව අංක 2022/MSD/V/R/P/0066 ටෙන්ඩර්ය යටතේ මිලදී ගැනීම සඳහා අනුමත වූ ඖෂධ වර්ග තිස් දෙක (32) කවරේද;
(ii) එම ඖෂධ අතරින් සපයන ලද ඖෂධ වර්ග කවරේද;
(iii) එම ඖෂධ ලියාපදිංචි කර තිබේද;
(iv) ඉහත ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී සම්මත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තිබේද;
(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ඖෂධ භාවිතා කිරීමෙන් අහිතකර ප්‍රතිවිපාක වාර්තා වී තිබේද;
(ii) එම ඖෂධ සඳහා වැඩ ඇණවුම් ඉල්ලීම ලබා දුන්නේ කවුරුන්ද;
(iii) සෙල්සියස් අංශක 2 - 8 අතර උෂ්ණත්වයක් යටතේ ලබා දිය යුතු සමහර ඖෂධ ඉහත ඇණවුම තුළ අන්තර්ගත වී තිබියදී, වෛද්‍ය සැපයුම් අංශය විසින් එම ඇණවුම සඳහා අනුමතිය ලබා දීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-10
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
ටෙන්ඩර් අංක 2022/MSD/V/R/P/0066 යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම්: විස්තර
පිළිතුරු දුන් දිනය
2024-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks